Clean Sri Lanka ” ජාතික වැඩසටහන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සමාරම්භක වැඩසටහන පසුගිය (09) දින අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ අධිකරණ හර්ෂණ නානායක්කාර මහතාගේ සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව මහ නගර සභාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, කොට්ඨාසයේ වසම්වලට අනුයුක්ත නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරීන් සහ මොරටුව ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙන් ඉතා සාර්තකව පැවැත්විණ.















