මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ...
මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2023.06.02 වන දින මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී.
මෙහිදී මොරටුව හා එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මොරටුව කොට්ඨාස තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම හා එහි වර්තමාන තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන ලදී. ඊට අමතරව මොරටුව මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ද මේ වන විට ඩෙංගු රෝගය වැලැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන ලදී.
මොරටුව කොට්ඨාස තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සකස් කරන ලද මානව සම්පත් සැලැස්ම සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් පැහැදිලි කරන ලදී. 2024 වර්ෂය සඳහා පළාත් සභා අයවැය සඳහා ඇතුළත් කිරීමට විවිධ ආයතන මගින් කරන ලද ව්‍යාපෘති යෝජනා මෙම කමිටුවේදී නියමයන්ට යටත්ව අනුමත කරන ලදී. මොරටුව කොට්ඨාසයේ කුණු කසළ බැහැර කිරීම ආදී ගැටලු රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.
මේ සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.


























