ලෝක ලාදුරු දිනය වන ජනවාරි 29 වන දිනට සමගාමීව ජාතික ලාදුරු මර්ධන ඒකකය , කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය , මොරටුව, එගොඩඋයන, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල , මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , මොරටුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය , මොරටුව පොලීසිය , මොරටුව මහ නගර සභාව හා සර්වෝදය ආයතනය ඒකාබද්ධව 2023/01/29 වන දින ඉදිබැද්ද, ලුනාව හා එගොඩඋයන යන ප්‍රදේශ වලින් ආරම්භ වි මොරටුව නගර මධ්‍යයේදි අවසන් විය.
ඒ සදහා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා ,කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා, ජාතික ලාදුරු මර්ධන ඒකකයේ නිලධාරීන්, මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, නාගරික කොමසාරිස්තුමා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය .


































