මොරටුව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ...
2022.12.15 වන දින මොරටුව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත කැටගොඩ මැතිතුමාගේ ප්රධානත්වයෙන් හා මොරටුව ගරු නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු මැතිතුමා ඇතළු සියලු නාගරික මන්ත්රීවරුන් හා මොරටුව ප්රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමිය ඇතළු සියලු රාජ්ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කාර්යාලයීය ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
පසුගිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කරන ලද ගැටළු වලට අදාල ව, ගෙන ඇති ක්රියාමාර්ග, 2022 වර්ෂයෙහි සංවර්ධන වැඩසටහන් ප්රගතිය ඉදිරිපත් කිරීම, සීමා නිර්ණ යෝජනා ඉදිරිපත් කිරීම හා නව යෝජනා ඉදිරිපත් කිරීම මෙදින සාකච්ඡාවට බදුන් විය.




















