අහරින් සපිරි කොළොම්තොටක් සාරවත් හෙටක් වෙනුවෙන් හැකි සෑම බිමකම වවමු.

කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය කළමනාකරණය කිරීම සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වගා වැඩසටහනට සමගාමීව මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මහත්මියගේ මගපෙන්වීම යටතේ මොරටුව කොට්ඨාසයේ ආරම්භ කරන ලද වගා වැඩසටහන් පිළිබඳව ප්‍රගති සමාලෝචනය කාර්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී 2022.06.23 දින සිදු කෙරුණි.

මෙහිදී කොට්ඨාසයේ රාජ්‍ය ආයතන සම්බන්ද වෙමින් ඒවායේ පවතින සීමිත ඉඩ ප්‍රමාණයන් තුලත් වගාවන් ආරම්භ කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරිණි. එසේම කොට්ඨාසයේ පාසල්, පෙරපාසල්, රජයේ හා වතු ඉඩම්, විහාරස්ථාන ඇතුළු වෙනත් ආගමික ස්ථාන, රාජ්‍ය ආයතනය හා ගෙවතු වල වගා කටයුතු පිළිබඳව සහ ඒවායේ ප්‍රගතිය පිලිබදව සාකච්ඡා කරන ලදී. වගා බිම් අස්වද්දමින්, නිරන්තර එම වගා බිම්වල කටයුතු පසුවිපරම් කරන්නටත් උපදෙස් ලබා දුනි.

මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක පී. සිල්වා මැතිතුමා, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එම්. නාගහවත්ත මැතිතුමා, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරින්, ක්ෂෙත්‍ර නිළධාරින්, වෙනත් ආයතන නිළධාරින් සහ කාර්යාලයේ නිලධාරින් සහභාගි විය.

289896738 426623822808016 364257770450910147 n

290138771 426623276141404 8192400598094872458 n

289689259 426623839474681 1675988065550278683 n

289731609 426623696141362 4471527492143402818 n

290065173 426623826141349 740583824504302658 n

290138771 426623276141404 8192400598094872458 n

289760987 426623926141339 999090962822630424 n

290001572 426623739474691 2686300920732844693 n

289819642 426623906141341 6341331361372129618 n

 

 

 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top