"හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්රාමය සමාරම්භක වැඩසටහන"
මොරටුව මහ නගර සභාවේ නගරාධිපති ගරු සමන්ලාල් ප්රනාන්දු මැතිතුමාගේ සහභාගිත්වයෙන්, මොරටුව මහ නගර සභා මන්ත්රී ගරු ප්රදීප් ප්රදීප් ශ්රියන්ත මැතිතුමාගේ අනුග්රහයෙන්, මොරටුව ප්රාදේශීය ලේකම් ගරු ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම යටතේ 2022/03/29 වන දින "හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්රාමය සමාරම්භක වැඩසටහන" වාලුකාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා මොරටුව ප්රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්රාදේශීය ලේකම් තුමා, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති, පළාත් සභා මන්ත්රී, නාගරික මන්ත්රීවරුන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු කොරළවැල්ල දකුණ සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් සහභාගි විය..






































