2021 ක්‍රීඩා තරගාවලිය
2021 යෞවන ක්‍රීඩා තරගාවලිය කැස්බෑව හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව 2021.11.28 දින කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හර්මන් මයිනර් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා මොරටුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි .....කොට්ඨාස දෙකේම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් මෙම ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගි වී තම දක්ෂතා පෙන්නුම් කරන ලදී ....මෙම අවස්ථාව සදහා කැස්බෑව සැලසුම් අධ්යක්ෂතුමා, ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක මහතා, කැස්බෑව ක්‍රීඩා නිලධාරීතුමිය , රත්මලාන ක්‍රීඩා නිලධාරීතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය ......කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී සිරිලාල් මහතා හා මොරටුව තරුණ සේවා නිලධාරී සංජීව මහතා විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී ...



























