කොස් පැල 100 ක් සිටුවීමේ වැඩසටහන
"සියල්ලටම පෙර දරුවන්" තේමාව යටතේ 2021 ලෝක ළමා දිනය වෙනුවෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලෝක ළමා දින වැඩසටහනේ එක් අංගයක් ලෙස ළමා සමාජ දරුවන් මූලික කරගනිමින් කොස් පැල 100 ක් සිටුවීමේ වැඩසටහන අද දින මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද එගොඩඋයන සුනන්දෝපන්නද නවෝද්‍යා මහ විදුහල් භූමියේදි පවත්වන ලදි.
ඒ සදහා මොරටුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා , ගණකාධිකාරිතුමා, සහකාර සැලසුම් අධ්‍යක්ෂකතුමිය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු ළමා සමාජ දරුදැරියන් හා දෙමව්පියන් සහභාගි විය.

















